Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද(02) පස්වරු 5.00 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම හමුවේ, විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල පවතින ගොඩනැගිලි සංඛ්‍යාව ද ප්‍රමාණවත් නොවන බවයි ඔහු පැවසුවේ.

මේ පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

විශ්වවිද්‍යාල සඳහා පළමුවරට වැඩිම අතිරේක සිසුන් සංඛ්‍යාවක් මේ වසරේදී බඳවා ගෙන ඇති අතර, එම සංඛ්‍යාව 10,600 ක්.

ඒ අනුව, මේ වසර සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගෙන ඇති සමස්ත සිසුන් ගණන 42,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *