Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ආසාදිතයින් හඳුනාගැනීමෙන් පසුව සිසුන් 85 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවයි උපකුලපති මහාචාර්ය උදය රත්නායක කියා සිටියේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙදෙනෙකුට කෝවිඩි 19  වෛරස ආසාදනය වී ඇති බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කර සිටියා.

බලංගොඩ මූලික රෝහලේ දී ඊයේ (02) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී එම සිසුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විභාග සඳහා පැමිණ සිටි සිසුන් 1500කට අධික පිරිසක් අද (03) පස්වරුවේ පිටත්කර යවා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී විශ්ව විද්‍යාල සිසුන් පවසා සිටින්නේ කිසිඳු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මෙලෙස සිසුන් පිටත්කර යැවීම හේතුවෙන් විශ්ව විද්‍යාල කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවස්ථාව ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *