Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට උද්ගත වී ඇති කොවිඩ් -19 හදිසි තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සෑම විශ්‍රාමිකයෙකුටම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තාවකාලිකව අතිහිටුවා තිබෙනවා.

ඒ අනූව, විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමකයන්ගේ පැමිණීම හෙට (10) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා නිවේදනය කරයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් ඇතොත් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *