Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (31) දිනයේ වාර්තා වූ මරණ අතර රත්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණියක් ද වනවා. ඇය මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ ඩවුන්සු සින්ඩ්‍රෝමය උත්සන්න වීම හේතුවෙන් මාර්තු 27 වන දින සිය නිවසේදිමයි.

මේ අතර ඊයේ වාර්තා වූ මරණ 43න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 20 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 24 ත් 95 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

මේ අතර වාර්තා වූ කොරෝනා මරණ 43න් 14ක් නිවසේදීම සිදුවූ කොරෝනා මරණයන් වෙයි.

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

No photo description available.No photo description available.No photo description available.No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *