Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය රසායනාගාරයක් තුළින් කාන්දු වීමකින් සමාජගත වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදාළ රසායනාගාරයේ ප්‍රධානී චීන ජාතික ෂී සෙන්ග්ලි නමැති මහාචාර්යවරිය බීබීසී පුවත් සේවයට අදහස් දක්වා තිබෙනවා.

චීනයේ වූහාන්හි ඇයට අයත් රසායනාගාරය පිහිටා ඇතැයි පැවසෙනවා.

ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ, කොවිඩ්-19 රෝගයේ සුළමුල සෙවීම සඳහා ලබන මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් වූහාන් වෙත යාමට සූදානම් වන අවස්ථාවකදී වීම විශේෂත්වයකි.

Image Source – Getty Images

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද එම ප්‍රදේශයට යාමට දැරූ උත්සහය සාර්ථක වී නොමැත. බීබීසී සේවය පවසන්නේ, සිය කණ්ඩායමට එම ස්ථානයට ළඟා වීම වළක්වමින් බාධා කළ බවයි.

කෙසේ වෙතත්, චෝදනාව එල්ල වී ඇති චීන මහාචාර්යවරිය බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ, මෙම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පැමිණෙන ඕනෑ ම ආකාරයක කණ්ඩායමක් සාදරයෙන් පිළිගන්නා බවයි.

විවෘත, විනිවිදභාවයෙන් යුත්, විශ්වසනීය සහ සාධාරණ සංවාදයක් සඳහා තමන් සූදානම් බව ඇය පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කිරීමේ තීරණය තමන්ට ගත නොහැකි බව ඇය පැවසුවා.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ද දැනුම් දී ඇතැයි ඇය බීබීසී පුවත් සේවය විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහාචාර්යවරිය පවසා ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *