Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය සඳහා මුල සිට නැවතත් ජනප්‍රිය ටෙලිනාට්‍ය හතරක් නව මුහුණුවරක් ගත් VTV රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.

ඒ අනුව අද (11) සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට Blackpool ටෙලිනාට්‍යත්, රාත්‍රී 8.30 ට ‘සිත් බැඳි දනව්ව‘ ටෙලිනාට්‍යත් මුල සිට නැවත නැරඹිය හැකිය.

එමෙන්ම ලබන සෙනසුරාදා (16) සිට සෑම සති අන්තයකම රාත්‍රී 7.30 ට ‘සංඟිලි කනදරාව‘ ටෙලිනාට්‍ය සහ රාත්‍රී 8.30 ට ‘රෝස සංධ්වනිය‘ ද මුල සිට නැවතත් ප්‍රේක්ෂකයින් වෙත VTV නාලිකාව ගෙන එනු ඇත.

ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන Blackpool, සිත් බැඳි දනව්ව, සංඟිලි කනදරාව සහ රෝස සංධ්වනිය ටෙලි නිර්මාණ, පිළිවෙළින් කැළුම් උඩුවාවල, රිහාන් රවීන්ද්‍ර, චන්දන ධර්මප්‍රිය, සහ ගිවන්ත අර්ථසාත්ගේ අධ්‍යක්‍ෂණයන් වේ.

VTV නාලිකාව UHF 54, ඩයලොග් ටීවී නාලිකා අංක 23 සහ පියෝ ටීවී නාලිකා අංක 127 ඔස්සේ විකාශය වේ.

ඩිජිටල් ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා Blackpool, සිත් බැඳි දනව්ව, සංඟිලි කනදරාව සහ රෝස සංධ්වනිය ටෙලිනාට්‍යන්, VTV YouTube නාලිකාව ඔස්‌සේද නැරඹිය හැකිය.

Leave a Reply

Your email address will not be published.