Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවුලේ සාමාජිකයන් සමඟ පුද්ගලික වාහනය ක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන් ලෙස අදහස් කරන්නේ එකම නිවසේ වෙසෙන පිරිසක් මිස ඥාතීන් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව පොදු වාහනවල ගමන් කරන අවස්ථාවලදී මෙන්ම මහජනයා ගැවසෙන ඕනෑම අවස්ථාවකදී ප්‍රසිද්ධ එළිමහනේ සිටින සෑම විටම මුව ආවරණයක් පැළඳිය යුතු බවද ඔහු පැවසීය.

වෙසක් පොහොය වන තෙක් සංචාරණ සීමා දීර්ඝ වෙද්ද නැද්ද යන්න තීරණය වන්නේ මේ මොහොතේ ජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු තව දුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *