පවතින තත්ත්වය හේතුවෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමටයි පසුගියදා රජය තීරණය කළේ.
ඒ අනුව මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සැමරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවනවා.
විද්‍යුත් මාධ්‍ය උපයෝගි කර ගනිමින් මෙවර වෙසක් උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා රජය කටයුතු කරන බව සඳහන්.
ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය වී ඇති බවයි වාර්තාවී ඇත්තේ.