Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ කොරෝනා ආසාදිතව මියගිය 16 දෙනෙකුගේ මෘත දේහයන් දින කිහිපයක සිට ගොඩගැසී තිබේ.

මෙම මරණකරුවන් වාර්තා වන්නේ මාලිගාවත්තෙන් පස්දෙනෙකු, මරදානෙන් තිදෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් තිදෙනෙකු, කොම්පඤ්ඤවීදියෙන් දෙදෙනෙකු, මෝදර, දෙමටගොඩ, ගොතටුව යන ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් වාර්තා වේ.

කොරෝනා ආසාදිතව මියගිය බවට හඳුනාගත් අයගේ මළසිරුරු පැය 24ක් තුළ ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබුණ ද ආදාහනයට විරුද්ධ ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙම මෘත ශරීර මෙලෙස ගොඩගැසී ඇතැයි ද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගයන් කියා සිටී.

මින් ඇතැම් මෘත දේහයන් දින දහයකට අධික කාලයක් මෙසේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර ඇතැයි ද එම ආරංචි මාර්ගයන් පවසයි.

කොරෝනා ආසාදිත මෙම මෘත දේහයන් 16න් 14ක්ම පිරිමි පුද්ගලයන්ගේ වේ.

මින් ඇතැමුන් නිවෙස්වල මියගොස් පසුව සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් වේ.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද අවදානමකට හෙළමින් මෙලෙස මෘත දේහයන් ගොඩගැසීම අර්බුදයක් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

තවද මෙම වෛද්‍ය නිලධාරී කාර්යාල මෘත ශරීරාගාරයේ අධිශීතකරණ පහසුකම යටතේ මෘතශරීර 20ක් පමණක් අසුරා තැබීමට හැකියාවක් තිබෙන හෙයින් මෙලෙස මෘත දේහයන් ගොඩගැසීම නිසා අධිශීතාගාර පහසුකම් අවම වීම ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *