Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන 2021 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් උගන්ඩාව වෙත සිදුකර තිබෙන ගුවන් ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව 2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩා මුදල් නෝට්ටු ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.

එය සම්පුර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමඟින් මෙරටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී ඇති බව බවයි ඔවුන් පවසන්නේ.

එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා.

උගන්ඩාවේ මුදල් ඒකකය 2021 වසර තුල 4ගුණයකින් පමණ එකවර ඉහළ යාම ආර්ථික විශ්ලේෂකයන්ගේගේ අවධානයට ලක් විය.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් පළ කරන ලද ට්විටර් පණිවිඩයක් මගින් භාණ්ඩ තොගය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය විය.

එමෙන්ම විදේශ රටක පැවැත්වු උද්ගෝශනයකදි අගමැති මහින්දගේ උගන්ඩා මුල්‍ය ගනුදෙනු පිළිබඳව ආන්දෝලනාත්මක හෙලිදරව්වක් සිදුකර තිබේ. එම වීඩියෝව පහතින්,

Leave a Reply

Your email address will not be published.