Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ආයෝජන තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහය වන බවට ඇමරිකාව ශ්‍රී ලංකාවට සහතික වී තිබේ. ඒ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (14) පස්වරුවේ දුරකතනයෙන් පැවති සාකච්ඡාවේදීය.

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී ඔහුට විස්තර කළ බව අගමැතිවරයා පවසයි. දෙරට අතර සමීපව කටයුතු කරන ලෙස අගමැතිවරයා එහිදී ඉල්ලා ඇත.

මේ අතර චීන තානාපති ක්වි ෂෙන්හොං කොළඹ චීන තානාපති කාර්යාලයේදී එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හමුවී තිබේ. ශ්‍රී ලංකාවට වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කිරීමට චීනය සහ එක්සත් ජනපදය එක්ව කටයුතු කළ හැකි බවට සාකච්ඡාවෙන් පසු කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.

මෙම සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන පුළුල් මාතෘකා පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ බව සඳහන් කෙරිණ. මේ අතර අමෙරිකා – ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තු අතර ඩොලර් මිලියන 27ක ව්‍යාපෘතියකට දෙපාර්ශ්වය අත්සන් තබා තිබේ.

මෙරට කිරි ගොවීන්ගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීම මෙමගින් අරමුණු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *