ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන යුරෝපා සංගමය සහ තවත් රටවල් කිහිපයක ධූත මණ්ඩල විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය,නෙදර්ලන්තය, රුමේනියාව සහ ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල සමග එක්ව නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ,
සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය හැකිය. එබැවින් සියලු පාර්ශ්වවලට සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙසද අපි දකින්නෙමු.
ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ලකර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද අපි සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු.
මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක වන අතර, ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමු කරගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගැඹුරින් සාකච්ඡා කළයුතු බව ද අපි අවධාරණය කර සිටින්නෙමු.
