ශ්‍රී ලංකාව රුසියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත විදේශ මුදල් අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර බොරතෙල්, ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම ණය මුදල ඉල්ලා තිබෙනවා.
කෙසේ නමුත් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර හෝ පසුව ද යන්න පිලිබඳව මෙතෙක් පැහැදිලි සඳහනක් නැහැ.
රුසියාවට එරෙහිව රුසියානු ආක්‍රමණය හෙළාදකින එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල යෝජනාවට ඡන්දය ලබාදීමේ දී ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද වැලකි සිටියා.
මේ අතර, රුසියානු කර්මාන්ත හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් රුසියානු වෙළඳ නියෝජිත පිරිසක් ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවට පැමිණියා.
රුසියාවේ පැවැත්වීමට නියමිත Expo 2030 පිලිබඳ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා සුහද හමුවකට ද එක් වුනා.