සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කිරීමට නියමිතව තිබූ බස් රථයේ තිබී හිස් පතොරම් කොපු දෙකක් සොයාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටෙස්ට් තරගාවලිය සඳහා කණ්ඩායම ගමන් කිරීමට නියමිතව සිටි බස් රථයේ තිබී මෙම හිස් පතොරම් කොපු සොයාගෙන ඇති බවය.
කණ්ඩායමේ ක්රීඩකන් බස් රථයට නැගීමට පෙර කළ පරීක්ෂාවක දී මෙම හිස් පතොරම් කොපු සොයාගෙන තිබේ.
මේ අතර ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුගෙන් ප්‍රශ්න කර ඇති බවය.