සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්රිකා කණ්ඩායම අද(29) සමත් වුණා.
ඒ, තරගයේ සිව්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 180කට සීමා වීමත් සමගයි.
සිය මංගල ටෙස්ට් තරගයට ක්රීඩා කළ වනිදු හරසංග මංගල අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 59ක් රැස් කළ අතර, කුසල් පෙරේරා ලකුණු 64ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී, වියාන් මුල්ඩර්, ඇන්රිච් නොකියා සහ ලුතෝ සිපම්ලා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව ලකුණු 396ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්රිකාව ලකුණු 621ක් රැස් කළා.
ලකුණු 199ක් ලබා ගත් ෆෆ් ඩු ප්ලෙසිස් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.