සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරඟාවලියට එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ඊයේ නම් කෙරුණා.
ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් සහ ෆිදෙල් එඩ්වර්ඩ්ස් කැඳවා තිබීම විශේෂත්වයක්.
ගේල් කොදෙව් කණ්ඩායමට කැඳවා තිබෙන්නේ වසර දෙකකට පසුවයි.
39 හැවිරිදි එඩ්වර්ඩ්ස් ද ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට එක්වන්නේ දිගු විරාමයකින් අනතුරුවයි.
කොදෙව් කණ්ඩායම කිරින් පොලාඩ් විසින් මෙහෙය වන අතර දෙරට අතර තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ලබන 03 වනදා ආරම්භ වීමට නියමිතයි.
