Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන සීඝ්‍රතාවය අනුව මෙරට තුළින් ද නව වෛරස් ප්‍රභේදයක් මතු වීමේ වැඩි අවස්ථාවක් ඇති බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

මේ රටෙන් නව වෛරස ප්‍රභේදයක් මතුවුනහොත් ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි තැනට පත් වනු ඇති බව ද ඔහු කියා සිටියි.

කොරෝනා වෛරසය සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද එය නිවැරදි නොවන බවත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට වෛරසය සමාජගත වී තිබු බවත් ඒ මහතා පැවසීය.

ඉන්දියානු ප්‍රභේදය ද මෙරටට ඇතුළු වූ බව අලුත් අවුරුද්දකට සතියකට පමණ පෙර අනතුරු සමඟ වුවද සෞඛ්‍ය බලධාරීන් එය නොපිළිගත් බව ද ඔහු සිහිපත් කරයි.

පවතින තත්ත්වය මත ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ කිරීම ඉතා වැදගත් බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ආචාර්යවරයා මෙම අදහස් පළ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *