ශ්රී ලංකාවේ කොවිඩ් -19 හේතුවෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. මෙරට කොරෝනා මරණයන් පිලිබඳ අනුස්මරණයක් සිදු කිරීමේ මාර්ගගත ක්රියාවලියක් ලෙසයි මෙය ආරම්භ කොට තිබෙන්නේ.
මේ දක්වා පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු ලේඛනගත කර ඇති අතර තොරතුරු ලැබුණු විට වැඩි විස්තර එකතු කරන බවයි වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් සඳහන් කළේ.
සෑම පුද්ගලයෙකුටම තමන්ගේම කතාවක් ඇති බවත් අද්විතීය දායාදයක් ඉතිරි කර ඇති බවත් එම වෙබ් අඩවිය තුළ සඳහන් කර තිබෙනවා.
සෑම වින්දිතයෙකුම සංකේතවත් කර ඇත්තේ රජය විසින් සටහන් කර ඇති පරිදි ඔවුන්ගේ වයස, ස්ත්රී පුරුෂ භාවය සහ ඔවුන් කොහේ සිට පැමිණියේ ද යන්න බෙදා දෙන මලක් ලෙසයි.
ස්වේච්ඡා සේවක කණ්ඩායමක් විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර මෙම සබැඳිය හරහා එම වෙබ් අඩවියට ඔබට පිවිසිය හැක.