Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%ත්, 28% ත් අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර, එයින් 17% ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවට නිරීක්ෂණය වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. එයින් 4% ක, 5% ක පමණ ප්‍රමාණයක් දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සිදුවන බව හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මැයි මාසයේ ගෙවුණු දින එකොළහක කාලය ඇතුළත මෙරටින් කොරෝනා ආසාදිතයින් 22,914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කාලය තුළ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 172 ක්.

මෙරට සිදුවූ දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් කරමින් පෙරේදා දිනයේ මරණ 26 ක් වාර්තා වුණා. ඊයේ දිනය තුල මරණ 23යි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගියා.

මැයි මාසයේ පළමු දින 10 තුළදී පමණක් කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් 149 දෙනා අතරින් 119 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන්. ගතවූ දින 04 තුළදී දෛනික කොරෝනා මරණ වාර්තා වූයේ දිනකට මරණ 15 ඉක්මවමින් වීම විශේෂත්වයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *