Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින 05 තුළ සියයට 54ක වර්ධනයක් පෙන්නුම් කරයි.

දිනෙන් දින ඉහළ යන මෙරට කොවිඩ් අවදානම තවදුරටත් තීව්‍ර කරමින් හතරවන දිනටත් මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) 1,500 සීමාව ඉක්මවා ගියේය.

පළමුවරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 27 වනදාය. ආසාදිතයින් 1,716 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ, ආසාදිතයින් වාර්තා වීම අප්‍රේල් 27 වනදාට සාපේක්ෂව සියයට 54.4ක් දක්වා ඉහළ යාම ඉතාම බියකරු තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුනහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය,

මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියා ත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *