Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන්ද ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව  ලකුණු 103 ක විශිෂ්ඨ ජයක් වාර්තා  කිරීමට අද බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම තරඟ රටාවකින් බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ප්‍රථම තරඟාවලි ජයග්‍රහණය ද මෙයයි. දෙරට අතර මීට පෙර එක්දින තරගාවලි 8ක් පවත්වා තිබූ අතර, එම සියලු තරඟාවලි ජය ගෙන තිබුණේ ශ්‍රී ලංකාවයි.

තරගය පැවැත්වුනේ  බංග්ලාදේශයේ ඩකා නුවර මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේදී යි. පළමුව තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමටයි තීරණය කර සිටියේ.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට  පන්දුවාර 48.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ  ලකුණු 246 ක් පමණයි.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කල  මුෂ්ෆිකර් රහීම් සිය 8 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 125 ක් රැස් කලේ බංග්ලාදේශයේ ජයග්‍රහණයට ශක්තිමත් පදනමක් සපයමින්.
මහ්මුදුල්ලාහ් ලකුණු 41ක් සහ ලිටොන් දාස් ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සදකැන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 247ක හඹායාමක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සදහා පමණක් යම් රිද්මයක් සමගින් වේගයෙන් ලකුණු රැස් කිරීමට යම් උත්සාහයක් ගන්නා බවට දැකගත හැකිවුවත් පළමු කඩුල්ල ලෙස නායක කුසල් ජනිත් ලකුණු 14කට දැවීයාමත් සමඟ අනෙක් පිතිකරුවන්ද යම් පීඩනයක් ලබාගන්නා අයුරු දක්නට ලැබුණා.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 24 ක්ද, පැතුම් නිස්සංක ලකුණු 20 ක්ද , කුසල් මෙන්ඩිස් ලකුණු 15 ක්ද රැස් කල අතර ධනංජය ද සිල්වාට රැස් කරගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි.

අශේන් බණ්ඩාර ලකුණු 15 කට දැවී ගිය අතර, දසුන් ශානක ලකුණු 11 කටත්, වනිදු හසරංග ලකුණු 6 කටත් දැවී ගියා. ඉසුරු උදාන හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 17ක් වාර්තා කළා.

Image Source : Getty Images

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යෑමට බංග්ලාදේශ පන්දු යවන්නම් ඉඩහසර සලසා දුන්නේ නැහැ.

මෙහිදි හසාන් මිරාස් පන්දු යැවීමේ දී යළිත් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ  සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 28ක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා. මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 16කට කඩුලු 3ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තා.

ඉනිමේ 38 වන පන්දුවාරය අවසන් වීමත් සමග තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 40කට සීමා කෙරුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා ලකුණු 245ක ඉලක්කයක් හිමි කර දෙමින්.

ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 40 අවසානයේ සටහන් වුණේ කඩුලු 9කට ලකුණු 141ක් ලෙසයි.

Image Source : Getty Images

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *