Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(4) නිමා වුණා.ඒ ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේදීයි.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 150ක් ලබා සිටියේ කඩුලු 4ක් දැවී සිටියදී.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91ක් රැස්කරගෙන සිටින අතර නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 18ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටිනවා.

Image Source – Getty image

ළහිරු තිරිමාන්න ලකුණු 31කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස්ට මෙම ඉනිමේ දී ද ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙතයාමට  සිදුවුණා.ඔහු අවසන් ඉනිම් ත්‍රිත්වයේදීම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 302කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඩීන් එල්ගර් ලකුණු 127ක් රැස් කළේ  සිය 13 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින්.රසී වැන් ඩර් ඩසන් ලකුණු 67යි.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක අතර  කඩුලු 2 බැගින් බිදී ගි⁣යා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 157ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 5ක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *