Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය සිකුරාදායින් අවසන් වූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය පැතිරීමේ වේගය 82%ක් බව ජාත්‍යන්තර සමීක්ෂණයක් ආයතනයක් තුළ පෙන්වා දෙනවා.

ඒ, දිනපතාම කොවිඩ් රෝගය පිළිබඳව පරීක්ෂණ කරනු ලබන සුප්‍රකට Worldometers (වර්ල්ඩෝ මීටර්ස්) වෙබ් අඩවිය නිකුත් කළ නවතම වාර්තාවට අනූවයි.

දකුණු ආසියාවේ සෙසු රටවල් ගත්කළ සතියක් තුළ වැඩිම කොවිඩ් වර්ධන වේගයක් පෙන්වන රට වන්නේ නේපාලයයි. එහි වර්ධනයේ ප්‍රතිශතය ලෙස 105% කි.

මේ වනවිට රෝගීන් බහුලව වාර්තාවන ඉන්දියාවේ කොවිඩ් පැතිරීමේ වේගය එරට ජනගහනයට සාපේක්ෂව 11% ක මට්ටමේ පවතිනවා. එය දකුණු ආසියාවේ අඩුම රෝගීන් වර්ධනයයි.

ශ්‍රී ලංකාව ළඟට දකුණු ආසියාවේ වැඩියෙන්ම කොවිඩ් පැතිරෙන රට මාලදිවයිනයි. එහි සතියක වර්ධන වේගය 69%ක්.

එසේම ඉන්දියාවට පසු දකුණු ආසියාවේ අඩුම කොවිඩ් වර්ධන වේගය සටහන් කරන්නේ භූතාන රාජ්‍යය විසින්. එහි සතිපතා රෝගීන් වර්ධන වේගය 16%කි.

ගතවූ සතියක කාලය තුළ ලොව වැඩිම කොවිඩ් පැතිරීමේ වර්ධනය පෙන්වා ඇත්තේ පේරු අයිලන්ඩ් දූපත් රාජ්‍යයේයී. එහි රෝගීන් වර්ධන වේගය 500% කි.

එම සමීක්ෂණ වාර්තාව අනුව ගතවූ සතියේ ලෝකයේම රෝගීන් වර්ධනය 3%ක්. ලොව පුරා මරණ 91,596ක් සිදුව තිබියදී එම සතියේ සුවපත් වූ රෝගීන් ගණන 4,00,382 කි. එය සමස්ථ රෝගීන් ගණනින් 8%ක් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *