Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන මහතා තවදුරටත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස දින 7ක සේවයක් දීමට පමණක් මහේල ජයවර්ධන ඉදිරිපත් වූ අතර  පවතින තත්ත්වය අනුව ලබන ලෝක කුසලානය දක්වා ජාතික ක්‍රිකට් පිලේ උපදේශක ලෙස කටයුතු කරන ලෙස මහේල ජයවර්ධන මහතාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා අතර, දීර්ඝ සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇති අතර මීළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇත.

එමෙන්ම මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමේ සංයුතිය වෙනස් කළ යුතු ආකාරයත් , පුහුණු කාර්ය මණ්ඩලය සකස් කිරීම සම්බන්ධවත් මහේල ජයවර්ධන මහතාගෙන් අදහස් හා යෝජනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බව දැනුම් දී තිබේ.

එමෙන්ම  ශ්‍රී ලංකා කණ්ඩායමේ  පුහුණුකරුවන් මෙතෙක්  සිදු කළ කාර්යභාරය හා ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමටත්, තව දුරටත් රඳවාගත යුතු හා ඉවත් කළ යුතු පුහුණුකරුවන් සම්බන්ධ නිර්දේශ ඉද්රිපත් කරන ලෙසත් මහෙල ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පිටතින් ආදේශ කළ යුතු දක්ෂ පුහුණුකරුවන් වෙතොත් ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවස්ථාවද මහේල ජයවර්ධන වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.