ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක ලහිරු තිරිමාන්න සහ ප්රධාන පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා ආසාදනය වී ඇතිබව මිට සුළු මොහොතකට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඊයේ (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව එළඹෙන ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසීය.