ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නැගී එන යොවුන් ක්රීඩක ජනිත් ලියනගේටත් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
Bio Bubble ඇතුළත් කර ගැනීම සදහා සිදු කළ PCR පරීක්ෂණයේදි ජනිත් ලියනගේ ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුනා.
ඒ අනුව ජනිත් ලියනගේ ට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වනවා.
ජනිත් සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්රී ලංකා සංචිතයට එක්කර සිටි ක්රීඩකයෙක්.
මීට පෙර අවිශ්ක ප්රනාන්දු සිදුකළ RAT පරීක්ෂණයේදි ඔහු ද කොරෝනා ආසාදනය වු බව වාර්තා වුනා.
පසුව අවිශ්ක ප්රනාන්දු ට යළිත් PCR පරීක්ෂණයක් සිදු කර තිබුනා.එහිදි ද තහවුරු වී ඇත්තේ අවිශ්ක ප්රනාන්දු ට කොරෝනා ආසාදනය වී ඇති බවයි.