Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් මිට දින දෙකකට ඉහත (12) සිදු කෙරුණා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙම පරීක්ෂණය පැවැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වුණා.

අද පැවැති යෝග්‍යතා පරීක්ෂණයට එළඹෙන බටහිර ඉන්දී්‍ය කොදෙව් තරග සංචාරයට නම් කර සිටි මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් 36 දෙනාගෙන් 32 දෙනෙකු එක්ව සිටියා.

කුසල් මෙන්ඩිස් පෞද්ගලික හේතුවක් නිසා (විවාහ උත්සවය) යෝග්‍යතා පරීක්ෂණයට අද එක් නොවූ බව සදහන්.

ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ආබාධ තත්ත්වයන් නිසා මෙම අවස්ථාවට එක්ව නොමැති අතර, ළහිරු තිරිමාන්න කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අද පැවැති යෝග්‍යතා පරීක්ෂණයට එක් වූයේ නැහැ.

යම් ක්‍රීඩකයෙකු මෙම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඔහුට දින 40ක කාලයක් ඇතුළත දී තවත් ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් සදහා මුහුණ දිය හැකියි.

වාර්තා වන ආකාරයට ක්‍රීඩකයින් සිව්දෙනෙකු පැවැති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට නම් කෙරුණු මූලික සංචිතයේ ක්‍රීඩකයින් 36 දෙනා අතරින් 32 දෙනෙකු මෙම යෝග්‍යතා පරීක්ෂණය සදහා ඉදිරිපත්ව සිටි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අතරින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව ද අප වාර්තා කළා.

ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදු වුණා.

ක්‍රීඩා මාධ්‍යවේදී Rex Clementine වාර්තා කර ඇති ආකාරයට අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත්තේ කුසල් ජනිත්, දිල්රුවන් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්.

මෙම ක්‍රීඩකයින් සිව් දෙනා සිය පුද්ගලික ශරීර ශක්තිය (Fitness level) පවත්වාගැනීමට අපොහොසත් වීම අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීමට හේතුව වී තිබේ.

This image has an empty alt attribute; its file name is fitness.jpg
SLC
This image has an empty alt attribute; its file name is fitness-dikwella.jpg
SLC
This image has an empty alt attribute; its file name is fitness-mathews.jpg
SLC
This image has an empty alt attribute; its file name is fitness-wanidu.jpg
SLC
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්