Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වාර්ෂික සහ තරග සංචාර සඳහා වන ගිවිසුම් අත්සන් නොකිරීමට  තීරණය කර තිබෙන බව ක්‍රීඩකයින්ගේ නීතිඥවරුන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් විසින් තම නියෝජිත ලෙස පත් කරන ලද නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න  මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් අද (5) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේ.

නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර එකී නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයේ පවතින විනිවිදභාවය පිළිබද ගැටලුවලට පිළියම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් එසේ ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කළ බවයි ක්‍රිකට් ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත  එංගලන්ත තරග සංචාරය සදහා තෝරාගෙන ඇති එක්දින සහ T 20 සංචිතයේ ක්‍රීඩකයින් ඊට අදාළ සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇති අතර එංගලන්ත සංචාරයට එක් නොවන ක්‍රීඩකයින්ද ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු සංචාරයකට අදාළ සංචාර ගිවිසුම්වලට අත්සන් නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

මීට අමතරව මීට පෙර වර්ෂවල දක්ෂතා දක්වා ඇති එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයින් පිළිබදව ද සලකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොතිබීමට ක්‍රීඩකයින් තීරණය කර ඇති බව ද අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

විනිවිදභාවයේ ගැටලු මත අසාධාරණ සහ පදනම් විරහිත ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇතත්, ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වා දෙනවා.

අදාල මාධ්‍ය නිවේදනය පහතින්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *