ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සහ නඟාසිටුවීම සඳහා යෝජනාවලියක් සකස් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම යෝජනාවලිය සකස් කර ඇති බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.
කරුණු 7කින් සමන්විතව අදාළ යෝජනාවලියක් සකස් කර ඇති අතර නව තේරීම් කමිටුවක් පත්කිරිම පිළිබඳව ද අදාළ යෝජනා වල සඳහන්.
ඊට අමතරව ප්‍රථම පංතියේ ක්‍රිකට් තරඟාවලි සඳහා අවම වශයෙන් කණ්ඩායම් අටක් සහ උපරිම වශයෙන් කණ්ඩායම් 14කට සීමා කිරීම සඳහා වූ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවන් මඟින් ක්‍රීඩකයින්ගේ සහ සහයකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ දී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයට සහ විනය ගැන සැලකිළිමත්වීම පිළිබඳ යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළා.
ඊට අමතරව ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරිමේ දී ඒ සඳහා නිර්දේශිත ක්‍රිකට් කමිටුවක් නම් කිරීමට ද යෝජනා වී තිබෙනවා.