Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මිට පෙර අප විසින් වාර්තා කරනු ලැබුවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනේ ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් හට බව සඳහන්. මේ හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය අවධානමකට ලක්ව තිබුණා.

කෙසේ නමුත් මේ හේතුවෙන් නැවත කණ්ඩායම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කරනු ලැබුවා.

එමඟින් ශිරාන් ප්‍රනාන්දු හට පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නැවත කරන ලද පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු එක්දින තරඟය සැලසුම්කර පරිදි ආරම්භ වනු ඇති.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *