Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය  ජයග්‍රහණය  කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින්.

තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා.
කෙසේවෙතත් අද දිනයේ සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්  දැවී ඔවුන්ට  ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

ඒ නායක දිමුත් කරුණාරත්නගේ 10 වැනි ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින්.

දිමුත් කරුණාරත්න  ලකුණු 103ක් රැස් කල අතර ඔහුගේ  ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 36කට දැවී ගිය අතර, ළහිරු තිරිමාන්න ලකුණු 31ක් වාර්තා කලා.

Image source – getty image

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 4ක් දවා ගත් අතර, ලුතෝ සිපම්ලා කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා හිමිවූයේ   ලකුණු 67ක පහසු ඉලක්කයක්.

එම ඉක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 36ක් සහ ඩීන් එල්ගර් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 157ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 302ක් රැස් කළා.

ඒ අනුව දෙරට අතර පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 45ක ජයක් හිමිවූ අතර දෙරට අතර පැවැති දෙවන තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලිය පහසුවෙන් ජයග්‍රහණය කලා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *