Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් 26 වනදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙන අතර එම තරගාවලිය සඳහා  ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කොට ඇත.

මෙම සංචිතයට එක්දින තරඟ 15ක් තුල කඩුළු 17ක්ද ,T20 තරඟ  13ක් තුල කඩුළු 16ක්ද දවාගනිමින්  සීමිත පන්දුවාර ක්‍රීඩා රටාව තුල  දඟ පන්දු යවන්නෙකු ලෙස තම දක්ෂතා එලිදැක්වූ වනිදු හසරංග ප්‍රථම වරට ටෙස්ට් සංචිතයට ඇතුලත් වී තිබීමද විශේෂත්වයක්.

Cricket's Next Generation: Wanindu Hasaranga and Sri Lanka's other most  promising starlets - Sport360 News

ජාත්‍යන්තර පිටිය තුල තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට  අවස්ථාවක්  නොලැබුනත් දේශීය  තෙදින ක්‍රිකට් පිටිය තුල පළමු පෙළ තෙදින තරඟ 36කදී කඩුලු 76ක් දවාගැනීමටත්, තෙදින පිටිය තුල එක් ඉනිමක  හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 26ට කඩුලු 8ක් දවා ගැනීමටත් වනිදු හසරංග සමත් වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ඔහු තරගයක කඩුලු 10 බැගින් ලබාගත් අවස්ථාවක්, ඉනිමක කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා 5ක් සහ කඩුලු 4 බැගින් ලබාගත් අවස්ථා දෙකක් වාර්තා කර තිබීමත් 26.6ක කඩුලු ලබාගැනීමේ සාමන්‍යයක්ද හිමිවීම වැනි දක්ෂතා පෙන්වා ඇති වනිදුට ජාත්‍යන්තර ටෙස්ට් පිටියද එතරම් අභියෝගයක් නොවනු ඇතැයි  ක්‍රිකට් විශ්ලේෂකයින්ගේ අදහසයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ දිල්ශාන් මදුශංක

තරඟාවලි කාලසටහන

පළමු පුහුණු තරඟය – 2020 දෙසැම්බර් 20 සිට 22 දක්වා (බෙනෝනි)

පළමු ටෙස්ට් තරඟය – 2020 දෙසැම්බර් 26 සිට 30 දක්වා (සුපර් ස්පෝර්ට් පාක්, සෙන්චූරියන්)

දෙවන ටෙස්ට් තරඟය – 2021 ජනවාරි 03 සිට 07 දක්වා (ඉම්පීරියල් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය, ජොහැන්නස්බර්ග්)

– සුදීප විදුනුවන් –

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *