සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේදී අද (3) ආරම්භ වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධයන්ට ලක්වීම හේතුවෙන් අසිත ප්‍රනාන්දු සහ මිනෝද් භානුක ටෙස්ට් වරම් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම තුල සියළු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

එහිදී නායක දිමුත් කරුණාරත්නට තම කණ්ඩායම වෙනුවෙන් රැස්කර ගතහැකි වූයේ ලකුණු දෙකක් පමණයි .
කුසල් මෙන්ඩිස්ට තමන් මුහුණදුන් 4 වෙනි පන්දුවෙන්ම කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් වීමට සිදුවුණා.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 60ක් වාර්තා කල අතර වනිදු හසරංග ලකුණු 29ක් වාර්තා කලේ පන්දු 27 කදී.දුෂ්මන්ත චමීර ලකුණු 22යි.
පන්දු යැවීමේදී ඇන්ඩ්‍රිජ් නෝටිජ් ලකුණු 56 කට කඩුලු 6ක් දවා ගැනිමට සමත් වුණා.වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.
ඒ අනුව පළමු ඉනිම තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනය අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 148ක්.
එහිදී ඩීන් එල්ගර් නොදැවී ලකුණු 92ක් රැස් කරගෙන සිටින අතර රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටිනවා.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.