Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෙළඳපලට නිකුත් වී ඇති විෂ රසායනික අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු හෙට දිනයේ ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අදාළ සමාගම් සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් අද ප්‍රමිති ආයතනයට ගිය අවස්ථාවේදියි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න සමග පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර පවතින සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඇයගේ මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් මතුවූ අතර, ඊයේ දිනයේ සිංහලේ ජාතික සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද කටයුතු කළා.

කෙසේ වෙතත්, අද සිංහලේ සංවිධානය ඇතුළු සංවිධාන 16ක නියෝජිතයින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ගිය ද අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවීමට අවස්ථාව නොලැබුණේ ඇය එහි නොසිටීම හේතුවෙන්.

ප්‍රමිති ආයතනයට පැමිණි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සහ ප්‍රමිති ආයතනයේ වෙනත් නිලධාරිනියක අතර සංවාදයක් ද ඇති වුණා.

පැය ගණනාවක් ප්‍රමිති ආයතනයෙන් පිටත රැදී සිටීමෙන් අනතුරුව එහි සභාපති නුෂාඩ් පෙරේරා හමුවීමට අදාළ භික්ෂු සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ට අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැය 24ක් ඇතුළත අදාළ සමාගම් පිළිබද තොරතුරු ලබාදෙන බවට ලිඛිත දැනුම්දීමක් සිදුකළ බවයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ.

එමෙන්ම අපේ ජන බල පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද අද දහවල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, ජනබලපවුර සංවිධානය ද අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිදුකළ ප්‍රකාශයට අදාළ විමර්ශන ආරම්භ කරන ලෙසයි.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්