Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ක්‍රිකට් තරගය හෙට(28) දහවල් 12.30ට මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම එක්දින තරගාවලියේ පළමු තරගය සහ දෙවන තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ අතර  ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම තරග රටාවකින් බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ප්‍රථම තරගාවලි  ජයග්‍රහණයද එයයි.

කෙසේ නමුත් බංග්ලාදේශය සමග අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට දිනයේදී පැවැත්වෙන අතර එම තරගයට නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසා සිටියා.ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Image Source – getty image

ඔහු එහිදී වැඩිදුරටත්  සදහන් කළේ කඩුලු රැකීමේ කාර්යය ද දික්වැල්ල විසින් මෙම තරගයේ දී සිදු කිරීමට ඉඩ ඇති බවයි.

මෙම තරගාවලියේ දී පිතිකරුවන් දුර්වල දක්ෂතාවයක් දැක්වීමට තාක්ෂණික කරුණුවලට වඩා මානසික කරුණු බලපෑ බවක් දක්නට ලැබෙන බව ද පිතිකරණ පුහුණුකරු පෙන්වා දුන්නා.

“පිතිකරුවන් පුහුණුවීම්වලදී නිදහස්ව හොදින් පිතිකරණයේ නිරත වුව ද, තරගයකදී පිටිය මැදට ගිය විට ඔවුන් ඊට වෙනස් වූ ආකාරයකින් පීඩනයක් සහිතව පිතිකරණයේ නිරත වන බවයි ග්‍රාන්ට් ෆ්ලවර් කියා සිටියේ.”

හෙට දිනයේදී දික්වැල්ල කණ්ඩායමට පැමිණෙන විට ඒ වෙනුවට වෙනත් පිතිකරුවකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වන අතර බොහෝවිට පැතුම් නිස්සංකට හෝ අශේන් බණ්ඩාරට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

එමෙන්ම හෙට තරගය සඳහා වන
බංග්ලාදේශ සංචිතයද මේ වන විට  ප්‍රකාශයට පත් කර ඇති අතර  ආරම්භක පිතිකරුවෙකු වන නයිම් ශෙයික් (Naim Sheikh) සංචිතයට කැදවීමටයි බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

නමුත් පළමු තරග දෙක සදහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකු ඉන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු නොකිරීමත් , තෙවැනි තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වීමත් විශේෂත්වයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *