Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 30 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් ඉන් 13 දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා වසංගතය පැතිරීමයාම හේතුවෙන් එය රේගු මූලස්ථාන ගොඩනැගිල්ලට පැතිරයාම වැළැක්වීම සඳහා පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව එහි සිටි පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 80ක පමණ පිරිස 30ක් දක්වා අඩුකර ඔවුන් සියලු දෙනාට ම කාර්යාල ගොඩනැගිල්ල තුළම නවාතැන් ගෙන සිටින ලෙස ද උපදෙස් දී තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සේවක සේවිකාවන් කිසිවෙකුත් පසුගිය මාසයක කාලයක් රේගු ගොඩනැගිල්ලෛන් පිටතට ගොස් නොමැති බැවින් ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය පිළිබඳ යම් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *