Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින්.

රායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

Morne van Wyk ලකුණු 53ක් සහ ඇල්විරෝ පීටර්සන් ලකුණු 27ක් රැස් කරමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සදහා දකුණු අප්‍රිකාකණ්ඩායමට අවශ්‍ය පදනම සකස් කර දුන් නමුත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා මැද පෙල බිද වැටුණා.

Image

එහිදී තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තා කරමින් නුවන් කුලසේකර ලකුණු 25කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

Image

සනත් ජයසූරිය සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 12ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගනිමින්.

ෆර්විස් මහරුෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර

චින්තක ජයසිංහ පන්දු 25කින් නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, උපුල් තරංග නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 18 බැගින් ලබා ගත්තා.

ඒ අනුව ලබන 21 වනදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව, ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්