Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලබන 16 දා ආරම්භවන ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය නැරඹීමේ අවස්ථාව පූර්ණ එන්නත්කරණයට ලක් වූ ක්‍රීඩා ලෝලීන් පමණක් ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පූර්ණ එන්නත් කරණයට ලක් වූ ක්‍රීඩා ලෝලීන් තරගය නැරඹීම සඳහා ඇතුළු කරගන්නේ ක්‍රීඩාගාරයේ ධාරිතාවෙන් අඩක් සඳහා පමණක් බවද එම නිවේදනයේ දැක්වේ.

තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර www.srilankacricket.lk සහ www.bookmyshow.com වෙබ් අඩවි ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන්කරගත හැකි බව ක්‍රිකට් ආයතනය දන්වයි.

ඊට අමතරව තරග පැවැත්වෙන දිනයන්හි බලගොල්ල අබිතා ක්‍රීඩාංගනයේත්, තගර නොපැත්වෙන දිනවල පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේත් පිහිටුවා ඇති කවුළු වලින් උදේ 9 සිට සවස 5 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව එම නිවේදනයේ දැක්වේ.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය මෙසේය.

Untitled 6

Leave a Reply

Your email address will not be published.