ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාව එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්කර තිබේ.
එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඒ බව පැවසීය.
කෘෂිකර්ම රාජ්‍ය ඇමති වරයා ලෙස කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා සිටීමේ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර මහතා ඊයේ රාත්‍රියේ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඉන් පෙර ආණ්ඩුවෙන් ඉවත්ව මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද ඔහු කටයුතු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කලේ ශාන්ත බණ්ඩාර මහතායි.