Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදනය වී ඇති නිසා, PCR පරීක්ෂණවලට ලක් කෙරුණ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියට හා ඇගේ සහෝදරයා වන, මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසුවාට, කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ජාතික පෞද්ගලික කතෝලික පාසල්, සාමාන්‍යධිකාරී ගැමුණු ඩයස් පියතුමා සඳහන් කර ඇත්තේ කරන ලද PCR පරීක්ෂණවලින් පසු මේ බව අනාවරණ වූ බවයි.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අදාළ සිසුවියගේ පියාට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අදාළ සිසුවිය ඇතුළු පවුලේ සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවට එම විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම, එම සිසුවියගේ සහෝදරයාද මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා එම සිසුවා ඇසුරු කළ ආශ්‍රිතයන්ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවටයි ඊයේ(08) වාර්තා වුනේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *