Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරග සදහා සහභාගී වීමේ අරමුණින් ශිකර් ධවාන් ගේ නායකත්වයෙන් ඉන්දීය B කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිනීමට නියමිතයි.

ඉන්දියාව මෙරට තරග සංචාරයක නිරත වන්නේ වසර 3කටත් වැඩි කාලයකට පසුවයි.

ඔවුන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණේ 2018 වසරේ මාර්තු මාසයේ පැවැති නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙනුයි.

මෙවර තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූනි 28 වනදා දිවයිනට පැමිණෙන ඉන්දීය ක්‍රීඩකයින් ජූනි 29 වනදා සිට ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් කෙරෙනවා.

අනතුරුව නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමිවන්නේ ජූලි 2-4 කාලයේ දී යි.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය සංවිධාන කරන අතර, සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟ කාලසටහන

13th July 2021 : 1st ODI  – RPICS, Colombo Day Night
16th July 2021 : 2nd ODI – RPICS, Colombo Day Night
18th July 2021 : 3rd ODI – RPICS, Colombo Day Night
21st July 2021 : 01st T20i – RPICS, Colombo Night
23rd July 2021 : 02nd T20i – RPICS, Colombo Night
25th July 2021 : 03rd T20i – RPICS, Colombo Night

මේ අතර ඊයේ දිනයේ දී (11) ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් රැසක් එංගලන්ත සංචාරයක නිරතව සිටින බැවින් මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශිකර් දවාන්ටයි පැවරී ඇත්තේ.

උප නායකයා ලෙස බුවනේෂ්වර් කුමාර් පත් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි ෂ්රෙයස් අයියර් මෙම සංචිතයට නම් කර නැහැ.

India’s squad

Shikhar Dhawan (Captain)
Prithvi Shaw
Devdutt Padikkal
Ruturaj Gaikwad
Suryakumar Yadav
Manish Pandey
Hardik Pandya
Nitish Rana
Ishan Kishan (Wicket-keeper)
Sanju Samson (Wicket-keeper)
Yuzvendra Chahal
Rahul Chahar
K Gowtham
Krunal Pandya
Kuldeep Yadav
Varun Chakravarthy
Bhuvneshwar Kumar (Vice-captain)
Deepak Chahar
Navdeep Saini
Chetan Sakariya

Net Bowlers:
Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh

Image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *