Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයෙකු විසින් එම පාසලේ 11 වසරේ සිසුන් තිදෙනෙකුට අද (03) දහවල් පහරදී ඇති අතර එම සිසුන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

කොණ්ඩය නොකපා පැමිණීම නිසා පහරකෑමට ලක්වු සිසුන් තිදෙනා සහ ශිෂ්‍ය නායකවරයා අතර ඇතිවු මත ගැටුමක් හේතුවෙන් ශිෂ්‍ය නායකයා විසින් මෙම සිසුන්ට පහර දී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වි ඇත. 

පහර දීමෙන් සිසුන් තිදෙනා සුළු තුවාල ලබා ඇති අතර එම සිසුන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබති.

මෙම පහරදීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *