Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2021 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා කියා සිටියේ.

සියලු පළාත් අධ්‍යක්ෂවරුන්ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එම සාකච්ජාව සිදු කරනු ලැබුවා.

ඒ අනුව පාසල් නොපැවැත්වීමත් සමඟ නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී ඇත.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *