විදෙස් රටවල් කිහිපයකින් මීට පෙර වාර්තා වූ වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත විකෘති වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරනවා.
ඔහු කියා සිටින්නේ විදෙස් රටක සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වූ ආසාදිතයෙකුගෙන් මෙම ප්‍රභේදය හඳුනාගත් බවයි.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ප්‍රථමවරට මෙරටින් හඳුනාගත් බවට සෞඛ්‍ය අංශ තහවුරු කළේ පසුගිය 13 වැනිදායි.
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එම වෛරසය ආසාදනය වී තිබුණා.
මේ අතර, පළමු කොරෝනා මර්දන එන්නත් තොගය ලබන 28 වැනිදා මෙරටට ගෙන්වීමෙන් පසු එහි දෙවන අදියරද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.