දිවයිනේ පවතින පොල් හිඟයත් සමඟ ඒ ආශ්රිත කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ශීතකල පොල්මද ආනයනය කිරීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරන බව පොල් සංවර්ධන අධිකාරිය ප්රකාශ කර සිටිනවා.
එහි අධ්යක්ෂ පී. එදිරිමාන්න මහතා කියා සිටියේ ඉන්දුනීසියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලින් එලෙස ශීතකළ පොල්මද ආනයනය කිරීම ආරම්භ කරන බවයි.
පසුගිය වසරේ පැවති අයහපත් කාලගුණයත් සමඟ පොල් ඵලදාව අඩු වීම නිසා මේ වනවිට රට තුළ පොල් හිඟයක් මතුවී ඇති අතර, පොල් මිල ද සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.