Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සීගිරිය මයිලත්තාව ප‍්‍රදේශයේ වටිනා ඉඩම් අක්කර දෙකක් ලෝක ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ බිරිඳගේ නමින් අඩු ආදායම්ලාභී අයකු ලෙස දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විසින් නීති විරෝධී අයුරින් කූට ලේඛන සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, දැනට ලබාදී ඇති දීමනා පත‍්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මාතලේ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 5 වැනිදා පැවති අවස්ථාවේදී හෙතෙම මෙම උපදෙස් දුන් බවයි වාර්තාවෙන්නේ.
අදාළ ඉඩම් ජාවාරම පිළිබඳව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ඡුාවට ගැනුණු අතර එහිදී අනාවරණය වූයේ කූට ලේඛන පිළියෙළ කර අඩු ආදායම්ලාභී කාන්තාවක බවට ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ බිරිඳ හඳුන්වා දීමට හා දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක බවට පුද්ගල හැඳුනුම්පතක්ද සකස් කර ඉඩම් ගනුදෙනුව සිදුකර ඇති බවය. මාතලේ දිස්ත‍්‍රික් කමිටු රැස්වීමේදී අදාළ ඉඩම් ගනුදෙනුව සාකච්ඡා වෙමින් තිබියදී කමිටුව නිල වශයෙන් නියෝජනය කළ ඉහළ නිලධාරීන් දෙදෙනකු සාකච්ඡුා මඟහැර යෑමද විශේෂ සිද්ධියක් විය.

මෙම සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ දරුවකු මහනුවර ප‍්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරීම සඳහා අදාළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර තමන් හා බිරිඳ සම්බන්ධව අන්තර්ජාලයේ හුවමාරුවන එම පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර Facebook සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ එම අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳව සත්‍ය තොරතුරු ඉදිරියේදි හෙළි කරන බවයි.
මේ පිළිබඳ කුමාර සංගක්කාර තැබූ සටහන වන්නේ,
“මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි.” යන්නයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *