Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත.

කෙසේ නමුත් මිට පෙර යුද හමුදාපතිවරයා ප්‍රකාශ කලේ 14 වෙනිදා සංචරණ සීමා ඉවත් වන බවත් පවතින තත්වය යටතේ එම තීරණය වෙනස් වීමට ඉඩ ඇති බවත්ය.

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මස 21 වන දා දක්වා දීර්ඝ කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත්, එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පැවති ආකාරයෙන් ම ක්‍රියාත්මක කළ හැකි බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව කර්මාන්ත ශාලා, ඇඟළුම්, කෘෂිකාර්මික ආදී කටයුතු පවත්වා ගෙන යාමට අවසර හිමිවනු ඇත.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බවත් කාබනික පොහොර නිෂ්පාදනය කරන පුද්ගලයින්ට ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් යුද්ධ හමුදාපතිවරයා පැවසීය.

තව ද ගම්මාන වල පැවැත්වෙන සති පොළ, ජනතාව එක් රැස් නොවන ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය හැකි බව ද යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

සංචරණ සීමා ජුනි මස 21 වැනි දින දක්වා දීර්ඝ කිරීම හා සංචරණ සීමා බලපැවැත්වෙන කාලයදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව යුද්ධ…

Posted by Dinamina on Friday, June 11, 2021

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *