Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිට යම්කිසි පුද්ගලයෙකු සිය ප්‍රදේශවලට පැමිණීමට කටයුතු කර ඇත්නම් වහාම බලධාරින් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් තහවුරු වුවහොත් ඒවා වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ඇති චක්‍රලේඛය හරහා හැකියාවක් නොමැති වීම ගැටලුකාරී තත්වයක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

දිවයිනේ ඇගලුම් කර්මාන්ශාලා හරහා කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීමත් සමග එම චක්‍රලේඛයේ ප්‍රතිපාදන නැවත සලකා බලන ලෙස සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක් වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *