Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙම මස 28 වැනිදා තෙක් දිවයින පුරා පවතින සංචරණ සීමා කාලයේදී ආහාරපාන, එළවළු, පලතුරු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා කිසිදු බලපත‍්‍රයක් අවශ්‍ය නොවේ.

නමුත් ගම්මාන තුළට ගොස් ආහාරපාන වෙළෙඳාම් කරන කුඩා ජංගම රථවලට බලපත්‍ර අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධයක් වේ නම් ඒවා ලබා ගැනීම සඳහා ලඟම පිහිටි ඔසුසලට යාමට ජනතාවට අවසර හිමිවන බවයි.

තොග වශයෙන් එළවළු පළතුරු අලෙවි කිරීමට ආර්ථික මධ්‍යස්ථාන 07 ක් පමණක් 24 සහ 25 යන දිනවලත්, 27 සහ 28 යන දිනවලත් විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය පවසන්නේ. දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය එම ආර්ථික මධ්‍යස්ථානයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *