අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී හා කොස්ගොඩ තාරක ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඔවුන් කළුතර පොලිස් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
එම සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානය අභ්‍යන්තරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගිනි අවි සහිතව රාජකාරිය යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ අවට ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා.